Common Quactions and Answers

ප්ර  – ඇවිත් බලල ගන්න සාප්පුවක් තියෙනවද?
පි –  නැහැ.නමුත් ඩිලිවරි අවුට්ලට් එකක් තියනව.

ප්ර – ඔන්ලයින් විතරද ඕඩර් කරන්න පුලුවන්?
පි – තව ක්රම කිහිපයක් ඇත.
1. දුරකතන ඇමතුමකින්
2. නම, ලිපිනය, අවශ්ය භාන්ඩ වල නම් සහ ප්රමානයන් සහ ජන්ගම දුරකතන අණ්කය කෙටිපනිවිඩයකින් එවීමෙන්
3. Facebook හරහා

ප්ර – ඩිලිවරි නැතුව ඇවිල්ල කලෙක්ට් කරන්න පුලුවන්ද?
පි –  ඔව්, පුලුවන්. එන්න කලින් අපිට කතා කරන්න.

ප්ර – ඩිලිවරි එකට අයකරනවද? කීයක්ද?
පි –  ඔව්, ලිපිනය අනුව වෙනස්වෙනව. ඔන්ලයින් ඔර්ඩර් කරනවනම්, ලිපිනය දුන්න පසු ඩිලිවරි ගාස්තුව පෙන්නුම්කරනව.

ප්ර – දවස් කීයක් යනවද ඩිලිවරි එකට
පි –  කොළඹ සහ තදාසන්න ප්රදේශවලට ඇනවුම කලදිනට පසුදින. අනිකුත් ප්රදේශවලට ඇනවුම කලදින සිට දින 1-3 ක් ඇතුලත. (ඉරිදා සහ අනිකුත් නිව්වාඩු දිනයන්හිදී බෙදාහැරීම් සිදු නොවේ). සමහර භාන්ඩ අපගේ හොන්කොන් ගබඩාව හරහා එවන අතර ඒ සදහා දින 25 ක් පමන ගතවේ.

ප්ර – එදාම ගන්න බැරිද?
පි –  විශේෂ ඉල්ලිම් මත සලකා බැලිය හැක. අතිරේක ගාස්තු එකතුවිය හැක.

ප්ර – ඩිලිවරි කරන්නෙ කොහොමද?
පි – කුරියර් ක්රමයට. ඔවුන් පැමිනීමට කලින් ඔබව අමතාවි, ඔබව ඇමතුමකින් සම්බන්ද කරගැනීමට නොහැකිවුවහොත් භාන්ඩය ලැබීම කල්යෑමට ඉඩඇත.

ප්ර – සල්ලි ගෙවන්නෙ කොහොමද?
පි – 1. ඔන්ලයින් ගෙවීම් මගින් 2. ගෙන ආ විට ගෙවීම් මගින් 3. බැන්කුවට ගෙවීම මගින්

ප්ර – ගෙනාවම සල්ලි දෙන විදියට ඔර්ඩර් කලොත් වැඩිපුර ගානක් අයකරනවද?
පි – නැහැ

ප්ර –  භාන්ඩ වල සයිස් බලන්නෙ කොහොමද?
පි –  භාන්ඩ වල විස්තර සදහන් පිටුවෙ, එම භාන්ඩ වල සයිස් පැහැදිලිව දක්වා ඇත. 

ප්ර – මිලදී ගත් ඇදුම්, රිටර්න් හෝ එක්ස්චේන්ජ් කරනවද?
පි – නැත. මෙම භාන්ඩ වල ස්වභාවය හේතුවෙන් අපට එසේ කල නොහැක. නමුත්, යම් නිශ්පාදන දෝශයක් ඇත්නම්, එය ඔබට භාන්ඩය ලැබී පැය 03  ඇතුලත චායාරූප සමග දැන්වීමක් කලහොත්, අපි ඔබගේ ඉල්ලීම සලකාබලන්නෙමු.

ප්ර – ඇඩ්රස් එකක් අනිවාර්යයෙන්ම අවශ්යද?
පි – ඔව්

ප්ර – ඇඩ්රස් එකට එන්න කලින්, මගින් කලෙක්ට් කරන්න පුලුවන්ද?
පි – ඔව්, පුලුවන්. කුරියර් ඔබට එන්න කලින් කතාකලාම, ඔහුත් එක්ක එය කතාකරගත හැකියි.

ප්ර – පැකට් ඇතුලෙ තියන දේ කාටවත් පේනවද?
පි –  නැහැ.

ප්ර – ඩිලිවරි කරන්නෙ මොන නගර වලටද?
පි – දිවයිනපුරා

Featured

Questions? Let's Chat
Help? Message WhatsApp
Sachini
Sales & Support
I'm Online
Chamalki
Sales
I'm Online
Sampath Srimal
Sales & Wholesale
I'm Online